පහත දින දර්ශනයෙන් ඔබට සුදුසු දිනයක් තෝරාගන්න.
ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය ඇතුළත් කර අයදුම්පත සම්පූර්ණ කර අප වෙත යොමු කරන්න.
අයදුම් කළ පසු
ඔබගේ අයදුම්පත ලැබුණු බව තහවුරු කරමින් විද්‍යුත් තැපෑලක් (Email) සහ කෙටි පණිවිඩයක් (SMS) ඔබ වෙත ලැබෙනු ඇත.
ඉන් අනතුරුව, වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය සඳහා සංවිධායක මණ්ඩලය ඔබ සමඟ සම්බන්ධ වනු ඇත.
යෝජිත වැඩසටහන් අනුපිළිවෙල
- ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කිරීම
- ගිලන්පස පූජාව
- සත්ධර්ම දේශනාව
- ධර්ම ගැටලු සැසිය (අවශ්‍ය නම්)
- පුණ්‍යානුමෝදනාව සහ වැඩසටහන අවසන් කිරීම
වැදගත්
- පවුලේ සාමාජිකයන්, නෑදෑ හිතමිතුරන්, අසල්වාසීන් සහ ධර්මය ශ්‍රවණය කිරීමට කැමති ඕනෑම අයෙකුට මෙම වැඩසටහනට සහභාගී විය හැක.
- වැඩසටහන සඳහා පිරිසිදු, නිස්කලංක සහ සුදුසු ස්ථානයක් සූදානම් කරන්න.
- ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කිරීමට පෙර ආසන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් සූදානම් කර තබන්න.
- වැඩසටහන නියමිත වේලාවට ආරම්භ කිරීමට කටයුතු කරන්න.
- දිනය වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට අවශ්‍ය නම්, එම දිනය වෙනත් පින්වතෙකුට ලබාදීමට හැකි වන පරිදි හැකි ඉක්මනින් අප වෙත දැනුම් දෙන්න.
- වීඩියෝ ඉදිරිපත් කිරීම් සඳහා USB සහ Laptop සම්බන්ධ කළ හැකි රූපවාහිනියක් (TV) හෝ Display Screen එකක් සූදානම් කර තබන්න.
ස්තූතියි..!
🪷"සබ්බ දානං ධම්ම දානං ජිනාති" - "සියලු දානයන් අතුරින් ධර්ම දානය ශ්‍රේෂ්ඨතම දානය වේ."🪷
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා! 🙏🙏🙏

