සම්මා සමාධි නේවාසික භාවනා වැඩසටහ​න -Melbourne – 2027 ජනවාරි මස 6 සි‍ට 11 දක්වා

ඕස්ට්‍රේලියානු දෙරණට නැවත වරක් සෞභාග්‍යය උදා කරමින්, වියලී ගිය සිත් සතන් තුළ අමා එළිය නගමින්, රණබෙර වයමින් ඒ විශ්ව ගුරවරයාණන් වහන්සේ වරක් ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය නැවත වරක් මෙල්බන් පුරවරයට සැපත් වීමට අවශ්‍ය හේතු සැකසෙමින් යන බවට රැගත් පණිවිඩය අප ඉංගිරිය ආරාමයේ මහා සංඝ සභාව අප වෙත දැනුම් දුන්නා ..🪷🪷🪷
එම පණිවිඩය හද උතුරා යන මහත් ප්‍රසාදයෙන් පළමුව ඔබ පින්වත් පිරිස වෙත මෙසේ සනිටුහන් කරමි ..🙏

ගෞරවනීය ගුරු ස්වාමින්වහන්සේගේ වැඩමවීමෙන් වික්‌ටෝරියානු ප්‍රාන්තයේ පුරා දින 6 ක නේවාසික භාවනා වැඩසහනක් සංවිදානය කොට ඇති බව අපි මහත් ප්‍රසාදයෙන් යුක්තව දැනුම් දෙමු..🙏

භාවනා වැඩසටහන සදහා ලියාපදිංචි වීම අද සිට ආරම්භ වන බවත් මෙම වැඩසටහන සදහා සියළුම ප්‍රාන්ත වල සිටින පින්වත් පිරිස සදහාත් අපේ දූ දරුවන් සදහාත් අවස්ථාව හිමිවන බව සදහන් කරමි.🙏

$0.00

Out of stock

Category:

2027 ජනවාරි මස 6 වෙනිදා සිට 11 වෙනි දින දක්වා පුරා දින 6 ක්‌

ස්ථානය : Camp Marysville
959 Buxton-Marysville Rd, Marysville VIC 3779
Melbourne CBD සිට පැය 1.30 ක දුරකින්.

දායකත්වය:

වැඩිහිටියන් සදහා 500$
දරුවන් සදහා 400$

දරුවන් සදහා විශේෂ වැඩසටහනක් සහ ක්‍රියාකරකම්ද සහිතයි.

මිහි මඬල කම්පා කරමින්, ගණ අන්ධකාර ලෝකයෙන් ආලෝකයට ගෙන යන, පෙර නොඇසූ විරූ පරම දුර්ලභ ගාම්භීර සත්ධර්මය අසන්නට අප ගෞවරවනීය ගුරු ස්වාමින්වහන්සේ සමග පෙළ ගැසෙමු !

මරණය ජය ගනිමු!

මේ සදහම් රණ බෙර වැයෙන්නට කාලයයි !!! 

Reviews

There are no reviews yet.

Be the first to review “සම්මා සමාධි නේවාසික භාවනා වැඩසටහ​න -Melbourne – 2027 ජනවාරි මස 6 සි‍ට 11 දක්වා”

Your email address will not be published. Required fields are marked *

Past Events