මෙල්බන් ධම්ම සමාධි දෙදිනක නේවාසික භාවනා වැඩසටහන

මෙල්බන් නුවර සිට නිවන් මග වැඩීමට වෙර වීරිය දරන පින්වත් ඔබ වෙනුවෙන්ම, දෛනික ජීවිතයේ කාර්ය බහුලත්වයෙන් මඳකට මිදී, නිස්කලංක සන්සුන් පරිසරයක, ආර්ය මහා සංඝ රත්නයේ ගුරු ඇසුර ලබමින් නිවන් මග ප්‍රගුණ කරගැනීමටම සංවිධානය කරන ලද මෙම දෙදිනක භාවනා වැඩසටහන සඳහා සාදරයෙන් ආරාධනා කරමු.

ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා හා මඟපෙන්වීම යටතේ න්‍යාය සාකච්ඡා, භාවනා පුහුණුව, සත්ධර්ම දේශනා, ප්‍රායෝගික ධර්ම උපදෙස් සහ ස්වයං ආවර්ජනය සඳහා වටිනා අවස්ථාවන් මෙම වැඩසටහන තුළ ඔබට හිමි වනු ඇත.

මෙම වැඩසටහන, භාවනාවට නවක පින්වතුන්ට මෙන්ම භාවනාවෙහි පලපුරුදු යෝගාවචරයන්ටද යෝග්‍ය වන පරිදි සකසා ඇත.

වැඩසටහනෙහි විශේෂාංග:-

  • 🪷 පුරා දින දෙකක නේවාසික භාවනා වැඩසටහන
  • 🪷 ආර්ය මහා සංඝරත්නයේ මඟපෙන්වීම සහිත භාවනා සැසි
  • 🪷 ධර්ම සාකච්ඡා හා ප්‍රායෝගික ධර්ම උපදෙස්
  • 🪷 දහම් ගැටලු විමසීමට අවස්ථාව
  • 🪷 සන්සුන් නිස්කලංක පරිසරයක භාවනා පුහුණුව
  • 🪷 දානය හා නවාතැන් පහසුකම් ඇතුළත්ය

වැඩසටහන් විස්තර

දිනය:2026 අගෝස්තු 8 (සෙනසුරාදා) සිට 2026 අගෝස්තු 9 (ඉරිදා) දක්වා

ස්ථානය:
22 Woodvale Road Boronia VIC 3155

නවාතැන් පහසුකම්
වැඩසටහන පැවැත්වෙන ස්ථානයේ නේවාසික පහසුකම් සපයනු ලැබේ.

වැඩසටහන් දායකත්වය
එක් අයෙකු සඳහා AUD $200

වැදගත්

ආසන සීමිත බැවින් පෙර ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

සම්පූර්ණ දෙදින වැඩසටහනට සහභාගී විය යුතුය.

සුදු, විනීත ඇඳුම්, පෞද්ගලික සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ අවශ්‍ය ඖෂධ රැගෙන එන්න.

ඇඳ ඇතිරිලි සහ අනෙකුත් අවශ්‍ය උපදෙස් ලියාපදිංචිය තහවුරු කිරීමෙන් පසු විද්‍යුත් තැපෑලෙන් (Email) දැනුම් දෙනු ලැබේ.


වැඩි විස්තර සඳහා